ජගත් මහලේකම්ගෙන් ජනපති පදවි ප්‍රාප්තියට සුබ පැතුම්

Friday, 08 January 2016 - 13:37

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
මෙරට දේශපාලන පරිවර්තනයේ පළමු වසර නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු රජයට සහ ශ්‍රී ලාංකික ජනතාවට සුබ පතන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන්කී මූන් ප්‍රකාශ කළා.

නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ සිට නිවේදනයක් නිකුත් කරමින් ජගත් මහලේකම්වරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකික ජනතාවට කල් පවතින සාමය, ස්ථාවරභාවය සහ සශ්‍රිකත්වය උදා කර ගැනීම සඳහා වන රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල දිරිගන්වන සුළු බවයි.

යහපාලනය ශක්තිමත් කිරීමටත්, සංහිඳියාව ඉදිරියට ගෙන යාමටත් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත වූ ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව ක්‍රියාවට නැංවීමටත් රජය වැදගත් ඉදිරි පියවර රැසක් ගෙන තිබෙනවා.

එමෙන්ම, සියල්ලන්ට පිළිගත හැකි දීර්ඝ කාලීන දේශපාලන විසඳුමක් සදහා ජාතික මට්ටමේ සංවාදයක් ඉදිරියට ගෙන යාමට ජගත් සංවිධානය සහාය වන බවයි මහලේකම්වරයා කියා සිටියේ.

මෙරට දිගුකාලීන සාමය සහ සශ්‍රිකත්වය මෙන්ම, මානව හිමිකම් සුරක්ෂිත කිරීමට මූල්‍ය සහාය සහ තාක්ෂණික සහයෝගය ලබාදෙන බවත්, මහලේකම් බෑන්කී මූන් වැඩිදුරටත් කියා සිටියා.