කථානායක සහ ඒකාබද්ධ විපක්ෂය අතර සාකච්ඡා අසාර්ථකයි

Friday, 08 January 2016 - 13:42

%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කථානායකවරයා සමග පැවති අවසන් සාකච්ඡාව එකගතාවයකින් තොරව අවසන් වූ බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ නව ව්‍යවස්ථා සංශෝධන ඇති කිරීම පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවක් මගින් සිදුකළ යුතු බවට ඉදිරිපත් කළ යෝජනාවට එකගතාවයක් නොලැබුණු බවයි.

ඊයේ (07) රාත්‍රියේ කථානායක නිල නිවසේ පැවති මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂවල නියෝජිතයන් එක්ව තිබෙනවා.  

ඊයේ පෙරවරුවේ මුලින්ම ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයා මුණ ගැසී පාර්ලිමේන්තු කාරක සභාවක් මගින් ව්‍යවස්ථා සංශෝධනය කළ යුතු බවට වූ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග මේ පිළිබදව සාකච්ඡා කර තිබෙනවා.

පසුව ඊයේ රාත්‍රී 10 ට පමණ කථානායක නිල නිවසේ පැවති පක්ෂ නායක රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය තේරීම්කාරක සභාවේ යෝජනාවට එකගතාවය පළ කර නැහැ.

පාර්ලිමේන්තුවෙන් බාහිර මණ්ඩලයක් මගින් ව්‍යවස්ථා සංශෝධන සාකච්ඡා කළ යුතු බවට එම දේශපාලන පක්ෂ දෙක අදහස් ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.