ලංකාවෙන් හමුවූ ලොව විශාලතම නිල් මැණික වෙන්දේසි කරයිද ?

Friday, 08 January 2016 - 13:56

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%AF+%3F
ලොව විශාලතම නිල් මැණික හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකිකයා එයට කුමක් කරන්නේද යන්න පිළිබඳ අවිනිශ්චිතව සිටින බව රොයිටර් පුවත් සේවය සඳහන් කළා.

පසුගියදා මෙම නිල් මැණික පිළිබඳ තොරතුරු අනාවරණ වූ අතර, එහි බර කැරට් 1404 යි දශම 4 යිි 9 ක් එනම් ග්‍රෑම් 281 ක් වන බව සඳහන්.

ඒ අනුව එහි වටිනාකම ඩොලර් මිලියන සියය ඉක්මවන බවයි එය පරීක්ෂා කළ කොළඹ මැණික් අධ්‍යයන ආයතනය ඇස්තමේන්තු කර ඇත්තේ.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1400 ඉක්මවූ මුදලක්.

ආරක්ෂක හේතුන් මත මෙම ශ්‍රී ලාංකිකයා තම අනන්‍යතාවය හෙළි නොකළ බව ද රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළා.

ඔහු මෙම නිල් මැණික වෙන්දේසි කිරීම සලකන්නේ දෙවන විකල්පයක් ලෙසයි.

ඒ වෙනුවට ඔප දැමූ නිල් මැණික තම සන්තකයේ තබා ගැනීමටත් ශ්‍රී ලාංකිකයන්ට සහ ජාත්‍යන්තරයේ ආකර්ශනය සදහා ප්‍රදර්ශනය කිරීමටත් අභිලාෂයක් පවතින බව ඔහු රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත්, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ තක්සේරු හා රත්නවිද්‍යා අංශයේ අධ්‍යක්ෂ දයා සාගර සදහන් කළේ මෙම මැණික ජාත්‍යන්තර ප්‍රදර්ශන සදහා ඉදිරිපත් කරන්නේ නම් ඊට අධිකාරියේ අවසරය ලබාගත යුතු බවයි.  

මෙම නිල් මැණික එහි හිමිකරු විසින් පසුගිය සැප්තැම්බරයේ මිලදී ගෙන ඇති අතර එහිදී ගෙවා ඇති මුදල ද හෙළිදරව් කර නැහැ.

ලොව විශාලතම නිල් මැණික ලෙස මෙතෙක් පැවතුණේ ශ්‍රී ලංකාවෙන් සොයා ගත් කැරට් 1395 ක් බරැති නිල් මැණිකක්.

බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය මෙන්ම, කේට් මිඞ්ල්ටන්ගේ මංගල මුදු සදහා යොදා ගැණුනේ ද ශ්‍රී ලංකාවෙන් සොයා ගත් නිල් මැණික්.