තමිල්නාඩුවේ ආයෙත් ගොන්පොර

Friday, 08 January 2016 - 14:25

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%BA%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජනප්‍රිය ඓතිහාසික ක්‍රීඩාවක් වන ජල්ලිකට්ටු හෙවත් ගොන් පොර වලට නැවතත් අවසර ලබාදීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා. සත්ත්ව අයිතීන් පිළිබද ක්‍රියාකාරින්ගේ ඉල්ලීම මත ඉන්දියාවේ ගොන් පොර තහනම් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය 2014 වසරේදී පියවර ගත්තා.

එහෙත් ඉන්දීය පාරිසරික සහ වන කටයුතු අමාත්‍ය ප්‍රකාශ් ජවේද්කාර් ඊයේ ප්‍රකාශ කළේ අදාළ තහනම ඉවත් කරන බවයි. තමිල්නාඩුවේ සෑම වසරකම ජනවාරි මාසයේ ගොන් පොර පැවැත්වෙන අතර ගොනුන් හඹාගොස් මෙල්ල කිරීමෙන් වටිනා ත්‍යාග පිරිනමනු ලබනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ තහනම නිසා පසුගිය වසරේ තමිල්නාඩුවේ ගොන් පොර උළෙල පැවැත්වුණේ නැහැ.

එහෙත් මේ වසරේ යළි පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. කෙසේ නමුත් රජය මගින් ගොන් පොර තහනම ඉවත් කිරීමට එරෙහිව අධිකරණයේදී අභියෝග කරන බව සත්ත්ව අයිතීන් පිළිබඳ ක්‍රියාකාරින් සදහන් කළා.