ශ්‍රේෂ්ඨ ජාතියක් වෙනුවෙන් අවදානම් භාර ගනිමු

Friday, 08 January 2016 - 16:04

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%94
ශ්‍රී ලංකාව ලොව ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් කිරීම තම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ජනපති මෛත්‍රී වර්ෂ පූර්ණ සැමරුම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද අමතමින්.

රට වෙනුවෙන් සරල, පහසු දේ නොව අවදානම් සහ අභියෝග භාර ගැනීමට සියලූ දෙනා කටයුතු කළ යුතු බව ද  ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

ඉදිරි 5 වසර තුළ රට ගොඩනැගීම සියලූ දෙනාගේ න්‍යාය පත්‍රය විය යුතු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මෙම උත්සවයට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ සියලූ දේශපාලන පක්ෂ එක්කර ගනිමින් යහපාලන ගමන් මඟ තවදුරටත් ඉදිරියට ගෙන යන බවයි.

ජනපති මෛත්‍රී වර්ෂ පූර්ණ සැමරුම් උත්සවයේ ආරාධිත දේශනය සිදුකරනු ලැබුවේ ඉන්දීය නිදහස් සටහනේ පුරෝගාමියෙකු වූ මහත්මා ගාන්ධි තුමන්ගේ මුණුබුරෙකු වන ගෝපාල්ක්‍රිෂ්ණා ගාන්ධි විසින්.

මෙම උත්සවයට එක්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක සුබිනෝ නැන්ඩි ද මෙහිදී අදහස් පළ කළා.

මෙම උත්සවයේදී ජනාධිපති පොදු සමාව හිමි වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වන සිවරාජා ජෙනීවන් ජනපති හමුවීම ද විශේෂත්වයක්.

ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේදී ඔහුව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම හේතුවෙන් වරදකරු වූ ශිවරාජා ජෙනීවන්ට වසර 10ක සිර දඩුවම් නියම කර තිබුණා.

කෙසේ වෙතත්, ඔහුට අද ජනාධිපති පොදු සමාව හිමිව තිබෙනවා.

ඊට අමතරව එකම දැයක් - මහබලයක් නමැති ශ්‍රාස්තීය ග්‍රන්ථය ද ජනාධිපතිවරයා ඇතුළු පැමිණ සිටි ගිහි - පැවිදි දෙපිරිසටම පිළිගැන්වීම සිදුකෙරුණා.

අද පැවැති උත්සවයට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් එක්වුණා.

ජනපති මෛත්‍රී වර්ෂ පූර්ණ සැමරුම නිමිත්තෙන් දිවයින පුරා අද දිනයේ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබුණා.

ජනාධිපතිවරයා අද පෙරවරුවේ කළුතර ඓතිහාසික බෝසමිඳුන් වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

කළුතර ඓතිහාසික බෝ සමිදුන් වැඩ වසන භූමිය බෝධි භාරකාර මණ්ඩලයට පැවරීමට අදාළ සන්නස් පත්‍රය පිළිගැන්වීම ද මෙහිදී සිදුකෙරුණා.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 117 වන ජන්ම දින සැමරුම් උත්සවයට එක්වීමටයි.

ගාලූමුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ද ජනාධිපතිවරයා අතින් සිදුකෙරුණා. පසුව කෝට්ටේ නාගවිහාරය වෙත ගිය ජනාධිපතිවරයා එහිදී අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.