පුංචි බොරැල්ලේ පාළු නිවසකින් මළ සිරුරක්

Friday, 08 January 2016 - 16:59

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%85%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
කොළඹ - පුංචි බොරැල්ල ප්‍රදේශයේ දෙමහල් පාළු නිවසක තිබී පුද්ගල මළ සිරුරක් අද දහවල් පොලීසිය සොයා ගත්තා.

ඒ, ප්‍රදේශවාසීන් පොලිස් හදිසි ඇමතුම් අංකයට ලබාදුන් තොරතුරකට අනුවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මිය ගිය පුද්ගලයා 34 හැවිරිදි කඩුවෙල - වැලිවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති බවයි.

ඔහුගේ සිරුරේ විශාල ප්‍රමාණයේ තුවාලයක් ඇති බව ද පොලීසිය වැඩිදුරටත් සදහන් කළා.