දෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධියට සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුව මගින් අදාළ උපදේශය පොලිස් අපරාධ කොට්ඨාශය වෙත යොමු කර ඇති බවයි.
ඒ අනුව පොලීසිය කටයුතු කරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.
දෙමටගොඩ රෙදිපිලි වෙළඳසැලක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙකු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගනු ලැබුවේ පසුගිය 21 වනදායි.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ ඉන් අනතුරුවයි.