උමගකින් පළාගිය නුතන රොබින්හුඩ් අත්අඩංගුවට

Saturday, 09 January 2016 - 9:18

%E0%B6%8B%E0%B6%B8%E0%B6%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B6%B1+%E0%B6%BB%E0%B7%9C%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%84%E0%B7%94%E0%B6%A9%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ලොව මුල් පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන මෙක්සිකෝවේ සිනියෝලා මත්ද්‍රව්‍ය කල්ලියේ නායක එල් චාපෝ ගුස්මාන් එරට ත්‍රිවිධ හමුදාව සිදුකළ මෙහෙයුමකදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට මාස 6කට පෙර ඔහු මෙක්සිකෝවේ අධි ආරක්ෂිත බන්ධනාගාරයකින් පළා ගියේ කිලෝමීටර් එක හමාරක් දිගැති උමඟක් තනමින්.

ඇමරිකා එක්සත් ජනපදය මොහු අත්අඩංගුවට ගැනීම සඳහා ඩොලර් මිලියන 5ක ත්‍යාග මුදලක් ද ඉදිරිපත් කර තිබුණා. 1993 වසරේ ගෝතමාලාවේදී ප්‍රථමවරට අත්අඩංගුවට ගැනුණු එල් චාපෝ 2001 වසරේදී බන්ධනාගාරයේ ඇදුම් කූඩයක සැඟවී පළා ගියේ නිලධාරීන්ට අල්ලස් ලබාදෙමින්.

අනතුරුව වසර 13ක් නිදැල්ලේ සිටි ඔහු 2014 වසරේදී යළි අත්අඩංගුවට ගැනුණා.

ඔහු නැවතත් පසුගිය ජුලි මාසයේ බන්ධනාගාරයෙන් පළා ගියා. ලොව දරුණුතම මත්ද්‍රව්‍ය කල්ලියක නායකයා වුවත් එල් චාපෝ ගුස්මාන් ඔහු වාසය කරන සිනියෝලා ප්‍රාන්තයේ වැසියන් හදුන්වන්නේ නූතන යුගයේ රොබින්හුඞ් ලෙසයි.