හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට

Saturday, 09 January 2016 - 10:35

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
දෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාශය අද ඇගේ නිවසේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

නීතිපතිවරයා පොලිසියට උපදෙස් ලබාදී තිබුනේ පුද්ගලයකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගන්නා ලෙසටයි.

නීතිපති දෙපාර්තමේන්තුව මගින් අදාළ උපදෙස් පොලිස් අපරාධ කොටිඨාශයට යොමුකර තිබුනා.

දෙමටගොඩ රෙදිපිළි වෙළඳසැලක සේවය කල 34 හැවිරිදි පුද්ගලයකු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන යනු ලැබුවේ පසුගිය දෙසැම්බර් 24 වනදායි.

එම සිද්ධියට සම්බන්ධ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 8 දෙනෙකු පසුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.

තරුණයෙකු පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද අලූත්කඬේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.