කුණු කන්දක් කළ හදියක්

Sunday, 10 January 2016 - 11:57

%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85++%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පිළියන්දල  කරදියාන කුණු කන්දට විරෝධය පළ කරමින් අද උදෑසන උද්ඝෝෂනයක් පැවැත්වුණා.

බෝකුන්දර මංසන්ධියේදී පැවති මෙම විරෝධතාව නිසා පිළියන්දල කොළඹ මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල වූ බවයි එහි සිටින ප්‍රදේශයේ හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

උද්ඝෝෂකයින් ඉල්ලා සිටින්නේ පිළියන්දල  කරදියාන ප්‍රදේශයේ පිහිටුවා ඇති කසල ප්‍රතිචක්‍රීකරන මධ්‍යස්ථානය වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙසයි.

මේ සම්බන්ධයෙන් ඉදිරි සතියේ මානව හිමිකම් කොමිසමට සහ පරිසර අමාත්‍යාංශයට ලිඛිතව කරුණු දැක්වීමට තීරණය කිරීමෙන් පසු උද්ඝෝෂණය නතර කළ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.