විදෙස් නියෝජීතයන් දෙදෙනෙකු ලබන සතියේ දිවයිනට

Sunday, 10 January 2016 - 13:50

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%93%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
බ්‍රිතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හියුගෝ් ස්වෙයාර් ලබන බදාදා ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

නව රජය පත්වීමෙන් අනතුරුව ප්‍රකෘතිමත්වූ ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව කරුණු සොයාබැලීම එම සංචාරයේ අරමුණයි.

සංහිඳියාව සහ මානව හිමිකම් ශක්තිමත් කරලීම සම්බන්ධයෙන් නව රජය ගෙන ඇති පියවර ප්‍රසාදයට ලක්කරමින් බ්‍රිතාන්‍යය ඊට පෙර ශ්‍රී ලංකාවට පවුම් මිලියන 6 යි දසම
6 ක මූල්‍යාධාරයක්ද පිරිනැමීමට තීරණය කළා.

විශේෂයෙන් මෙරට ආරක්ෂක හමුදා පුහුණුවට සහ ප්‍රතිසංවිධානය සහ එම මුදල් පිරිනමන බවයි බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාව ක්‍රියාත්මක කරලීමේ ප්‍රගතිය පිළිබඳව බ්‍රිතාන්‍ය අමාත්‍යවරයා ලක් රජය සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.

ඇමරිකාව ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ සම සත්කාරක රටක් ලෙස බ්‍රිතාන්‍යය කටයුතු කළා.

මේ අතර ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් ලබන මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ලබන පෙබරවාරි 5 වනදා සහ 6 වනදා ඉන්දු - ලංකා ඒකාබද්ධ කොමිසම ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා.

ඊට අමතරව ඉන්දීය විදේශ කටයුතු ඇමතිනිය ඉන්දු  ශ්‍රී ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් සහ මෙරට දේශපාලන වර්ධනයන් පිළිබඳව අදහස් හුවමාරුවක නිරතවනු ඇති.

ඉන්දු ලංකා ඒකාබද්ධ කොමිසමේ කටයුතුවලට අදාළව මූලික කටයුතු සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ ලේකම් සුබ්‍රමානියම් ජයිෂංකර් අනිද්දා දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.