ප්‍රථම වරට ලෝක ආර්ථික සමුළුවට ශ්‍රී ලංකාවට ඇරයුම්

Monday, 11 January 2016 - 7:39

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
46 වන ලෝක ආර්ථික සමුළුවට සහභාගිවන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ආරාධනාවක් ලැබී තිබෙනවා. මෙවර ලෝක ආර්ථික සමුළුව ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට  නියමිතයි.

ශ්‍රී ලංකාවේ නායකයෙකුට ප්‍රථම වතාවටයි  ලෝක ආර්ථික සමුළුව සඳහා සහභාගි වන ලෙසට ආරාධනා ලැබී ඇත්තේ.

මේ මස 20 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වෙන ආර්ථික සමුළුවට ලෝක නායකයින් මෙන්ම ඉහළ පෙළේ ව්‍යාපාරිකයින්ද සහභාගිවීමට නියමිතව තිබෙනවා.

 මේ අතර අරලියගහ මන්දිරයේ ඊයේ (10)  පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ රටේ ආර්ථිකය ශක්තිමත් කෙරෙන නව නීති 7ක් හඳුන්වාදීමට කටයුතු කරන බවයි.