තරුණයෙකුගේ ඝාතනයකින් වැලිමඩත් කැළඹෙයි

Monday, 11 January 2016 - 10:35

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B6%A9%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මත්පැන් අලෙවි සැළකදී පහර කෑමට ලක්වු බව කියන තරුණයෙකු මිය යාමේ සිද්ධියක් මුල් කරගනිමින් බණ්ඩාරවෙළ වැලිමඩ ඩයරබා ප්‍රදේශයේ නොසනුන්තාවක් හට ගෙන තිබෙනවා.

හිරු වාර්තාකරු පැවසුවේ ඊයේ රාත්‍රියේ ඩයරබා මංසන්ධියේ පිහිටි මත්පැන් අලෙවි සැලද  ප්‍රදේශවාසීන් විසින් විනාශ කර ඇති බවයි.

මත්පැන් අලෙවිසැලේ පිරිසක් පහරදී  අදාළ තරුණයාට බරපතල තුවාල සිදුකර තිබුණේ පසුගිය 31 වනදා රාත්‍රියේයී.

බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 27 හැවිරිදි  ඔහු  ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා.  

ඒත් සමගයි වැලිමඩ ජනතාව  අතර නොසන්සුන්තාවත් හට ගෙන ඇත්තේ
 
රෝහලේ තැන්පත් කර ඇති මෘත දේහය අදාළ මත්පැන් අලෙවි සැළ ඉදිරිපිටට රැගෙන විත් විරෝධතාවයේ නිරත වීමට ප්‍රදේශවාසීන් සුදානම් වන බවට තොරතුරු වාර්තාවනවා.

කෙසේ වෙතත් එය වැළැක්වීමට පොලිසීය  අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට ක්‍රියාකරන බවයි අනාවරණ වන්නේ.

තරුණයාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ඉකුත් හතරවනදා ප්‍රදේශවාසීන් මෙම ස්ථානයේ විරෝධතාවකද නිරතවුණා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙකු  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළා.