දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Monday, 11 January 2016 - 10:42

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොම්පඤ්ඤවීදිය ස්ටුවර්ට් වීදිය ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ දුම්වැටි 32828 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ සිදුකළ වැටලීමකදියි මෙම දුම්වැටි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දුම්වැටි සමඟ අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 26 ක් වයසැති කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.