දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයන් හතරදෙනෙකු මරුට

Monday, 11 January 2016 - 11:05

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ගතවූ පැය 24 ක කාලය තුළ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයන් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගාලූ මුවදොර ප්‍රදේශයේ වෙරළ තීරයේ දිය නාමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අතරින් එක් අයෙකු ඊයේ දියේ ගිලී අතුරුදන් වී ඇති බවයි.

මෙලෙස අතුරුදන්වී ඇත්තේ අවුරුදු 16 ක් පමණ වූ මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

එමෙන්ම ගාලූ මුවදොර පිටිය නැරඹීමට පැමිණි පුද්ගලයෙකු එම ස්ථානයෙන් මුහුදට ඇද වැටීමෙන් ඊයේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

දියේ ගිලීමෙන් සිදුවූ අනෙක් මරණය වාර්තාවූයේ අම්බලන්තොට - පහලගම ප්‍රදේශයෙන්.

එහිදී ඇළක දිය නාමින් සිටි පුද්ගලෙයකුයි දියේ ගිලීමෙන් ජීවිත්කෂයට පත්වී ඇත්තේ.

මේ අතර පුත්තලම වයික්කාල ප්‍රදේශයෙන් මුහුදේ දිය නෑමට ගිය අයෙකුද ඊයේ දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා. ඔහු දංකොටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.