මෘත දේහය අරන් ගම්මුන් විරෝධතාවකට සැරසෙයි - වැලිමඩටත් එස් ටී එෆ් කැදවයි

Monday, 11 January 2016 - 13:21

%E0%B6%B8%E0%B7%98%E0%B6%AD+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B6%A9%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%A7%E0%B7%93+%E0%B6%91%E0%B7%86%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් බණ්ඩාරවෙල  වැලිමඩ මාර්ගයේ ඩයරබා ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා තිබෙනවා.

පසුගිය 31 වනදා රාත්‍රියේ තරුණයෙකු ඩයරබා ප්‍රදේශයේ මත්පැන් අලෙවි සැලට ගිය අවස්ථාවේදී මොහු සහ එහි සේවකයන් අතර, ගැටුමක් හටගත්තා.

එහිදී තුවාල ලැබූ 27 හැවිරිදි එම ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා  බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.

තරුණයා මියයෑමත් සමඟ කුපිත වූ ප්‍රදේශවාසීන් එම මත්පැන් අලෙවිසැලට පැමිණ ඊට පහරදී අලාභහානි සිදුකර තිබෙනවා.

එහිදී දෙපාර්ශවය අතර ගැටුමක්ද හටගෙන ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහායි පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් යොදවා ඇත්තේ.

මෙම තරුණයා පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බල කරමින් පසුගිය හතරවනදා ප්‍රදේශවාසීන් එම මත්පැන් අලෙවිසැල පිහිටි ස්ථානයේ විරෝධතාවකද නිරතවුණා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මේ අතර ඇඹිලිපිටිය නගරයට සහ ඒ අවට ප්‍රදේශයට තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම පොලීසියේ ආරක්ෂාවද යොදවා තිබෙනවා.

සාදයකදී පොලීසිය සමඟ ඇති වූ ගැටුමකින් පසු ඇඹිලිපිටිය නව නගරයේ පදිංචි සුමිත් ප්‍රසන්න උඩුමහලකින් ඇද වැටී මිය යෑමේ සිද්ධියත් සමඟ ප්‍රදේශයේ ඇතිවූ උනුසුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහායි එම ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යොදවනු ලැබුවේ.

පසුගිය හතරවනදා සිදුවූ මෙම සිද්ධියේදී මියගිය තරුණයාගේ අවසන් කටයුතු ඊයේ ඇඹිලිපිටිය පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.