පුපුරණ ද්‍රව්‍ය වංචාවක් ගැන දමයන්ති ජයරත්නගෙන් ප්‍රශ්න කිරීමට යයි

Monday, 11 January 2016 - 15:09

%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A++%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
2013 වසරේදී ශ්‍රී ලංකාවට ආනයන කර තිබූ පුපුරණ ද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 100 ක් කල් ඉකුත් වූ පසු විවිධ පාර්ශවලට අලෙවි කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා ජයරත්නගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව බරපතල වංචා සොයන  ජනාධිපති කොමිසම පවසනවා.

එහි ලේකම් ලැසිල් ද සිල්වා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මේ වනවිට ඇය විදේශගතවයි පසුවන්නේ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඇය නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට නියමිත බවද කොමිසමේ ලේකම්වරයා සඳහන් කළා.

ඇවන්ගාඞ් වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවද ඇය මෙම කොමිසම හමුවේ පෙනී සිටියා.

එහිදී ඇවන්ගාඞ් සමාගමේ අවි ආයුධ නිකුත් කිරීමේදී පිළිගත් ක්‍රමවේදයක් අනුව සිදුව නොමැති බවට ඇය පිළිගෙනද තිබුණා.