සරණ ගුණවර්ධන පහරදීමේ චෝදනාවලින් නිදහස්

Monday, 11 January 2016 - 15:44

%E0%B7%83%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A
පසුගිය මහමැතිවරණ සමයේ ගම්පහ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පුද්ගලයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ඇතුළු සිව් දෙනා නිදහස් කිරීමට අධිකරණය අද නියෝග කළා.

ඒ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර හමුවේ මෙම නඩුව කැදවූ අවස්ථාවේදීයි.

මීට පෙර මෙම නඩුව සමථ මණ්ඩලයට යොමුකර දෙපාර්ශවයම සමතයකට පැමිණ තිබුණා.

ඒ පිළිබදව අද අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුවයි මොවුන් නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.