නිදහස් පක්ෂයේ යෝජනාවලියට අගමැතිගේ එකගත්වය

Monday, 11 January 2016 - 18:26

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA
නව ව්‍යවස්ථාව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ සංශෝධනවලට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු රජය එකගත්වය පළ කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

නව ව්‍යවස්ථාව පිළිබදව යෝජනාව අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ පසු ඒ පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය තීරණය කිරීම සදහා පක්ෂ නායකයා ලෙස ජනාධිපති මෛත්‍රිීපාල සිරිසේන කමිටුවක් පත් කරනු ලැබුවා.

එම කමිටුව ඉදිරිපත් කළ කරුණු 9 කින් යුත් සංශෝධන අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට එකගත්වය පළ වූ බවයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සදහන් කළේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු කරුණු සදහා නිදහස් පක්ෂයේ අවධානය යොමුවූ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් කියා සිටියා.

 නව ව්‍යවස්ථාව සදහා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවලිය මේ වනවිට කථානායකවරයා වෙත භාරදී අවසන්.

මේ අතර, එක් එක් දේශපාලන කඳවුරු තමන්ගේ නොහැකියාවන් වසා ගැනීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාවිච්චි කිරීමේ තත්ත්වයක් දක්නට ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල නියෝජිතයින්ට නව ව්‍යවස්ථා සංශෝධනයේදී සම අවස්ථාවන් ලැබිය යුතු බව ද ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එහිදී වැඩිදුරටත් කියා සිටියා.

සියලූ ජන වර්ගවලට සමාජ ගෞරවය සහ නිදහස නව ව්‍යවස්ථාව මගින් හිමි වනවා නම් එයට එරෙහි නොවන බව සමාජවාදී ජනතා පෙරමුණ පවසනවා.

එම පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මේ බව කියා සිටියා.

පිවිතුරු හෙළ උරුමය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවේදී ද ව්‍යවස්ථා සංශෝධනය පිළිබද අදහස් පළ වුණා.

එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය, මැතිවරණ ක්‍රමය සහ බලය බෙදීම ලෙස ව්‍යවස්ථා සංශෝධන 20,21 සහ 22 ලෙස සකස් විය යුතු බවයි.