නව ව්‍යවස්ථාවට මහජන අදහස් ලබා ගැනීම 18 වන දා

Monday, 11 January 2016 - 18:33

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+18+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F
නව ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් විමසීම ලබන 18 වන දායින් ආරම්භ කරන බව ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට පත් කළ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක සඳහන් කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම ගොස් මහජන අදහස් විමසීමට තම කමිටුව අපේක්ෂා කරන බවයි.

අලූතින් සකස් කෙරෙන ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් විමසීමට 20 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කෙරුණු අතර, එම කමිටු කාර්යාලය කොළඹ විසුම්පායේ පිහිටුවා තිබෙනවා.                  

ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් විමසීමට ලබාදී ඇති කාලය ලබන මාර්තු 31 වන දායින් අවසන් වන බව ද ඔහු කියා සිටියා.  

ඕනෑම පුද්ගලයෙකුට තම අදහස් ලබාදිය හැකි අතර ඊට සීමා පැනවීමක් සිදුකිරීමට කමිටුව අපේක්ෂා නොකරන බවයි නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා පත් කළ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති ලාල් විජේනායක වැඩිදුරටත් කියා සිටියේ.