යුද්ධයෙන් සිර වූ සිරකරුවන්ට ආහාර ආධාර

Tuesday, 12 January 2016 - 8:10

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB
සිරියානු රජයේ හමුදා සහ කැරළිකරුවන් අතර ගැටුම් හේතුවෙන් සිරවී සිටින මදායා ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සහනාධාර ඊයේ එහි ළඟා වුණා.

ජගත් සංවිධානය ප්‍රකාශ කළේ මාස 6ක් තිස්සේ මෙහි සිරවී සිටින 40000කට අධික ජනතාවට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගෙන ගොස් ඇති බවයි.

සිරියාවේ උතුරුදිග පිහිටි මෙම ප්‍රදේශවලට මෙතෙක් ළඟාවීමට නොහැකි වූයේ ඒ සඳහා දෙපාර්ශවයේම කැමැත්ත ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන්.

මෙහි ජනතාව කුසගින්න හේතුවෙන් බළල් මස් සහ ගස්වල කොළ පවා ආහාරයට ගන්නා බවට තොරතුරු අනාවරණ වුණා.

මේ තත්ත්වය පිළිබදව කැරළිකරුවන් සිරියානු රජයට චෝදනා කරන අතර, රජය කියා සිටින්නේ කැරළිකරුවන් මෙහි ජනතාව මිනිස් පලිහක් ලෙස යොදා ගන්නා බවයි.