සරත් ආබෲට ඇප

Tuesday, 12 January 2016 - 10:21

%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B6%E0%B7%B2%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
නිවසේ මෙහෙකාර කාන්තාවකට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකරන ලදැයි චෝදනා එල්ල වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අද නියෝග කළා.

ඒ විනිසුරු සරත් ආබෲ අද පෙරවරුවේ අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදියි.

සැකකාර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇත්තේ.

එමෙන්ම මහාධිකරණ විනිසුරුවරයා මොහුට මෙම සිද්ධියට අදාළ අධි චෝදනා භාර දී තිබෙනවා.

 සිය නිවසේ මෙහෙකාර කාන්තාවට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාව මත විනිසුරු සරත් ආබෲට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

ඊට අදාළ නඩුව මීට පෙර සලකා බැලූණු අවස්ථාවේදී සැකකාර සරත් ආබෲ විනිසුරුවරයාට මහාධිකරණය හමුවේ අද දිනයේ පෙනී සිටින ලෙසටයි නියෝග කෙරුණේ.

අද අධිකරණය හමුවේ පෙනී සිටි විනිසුරු සරත් ආබෲ ඇප මත මුදා හැරීමෙන් පසු  ඔහුට ඇප ලබාදීම සඳහා අධිකරණයට කිසිවෙකු පැමිණ සිටියේ නැහැ.

ඒ අනුව ඇපකරුවන් පැමිණෙන තුරු මහාධිකරණ විනිසුරුවරයා නඩුව කල් තැබූ බවයි එහි සිටි හිරු වාර්තාකරු සදහන් කළේ.

පසුව ඇපකරුවන් අධිකරණයට පැමිණ තිබෙනවා.

 මේ අතර සැකකාර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ ඇප බැදුම්කරවලට අත්සන් නොකර අධිකරණයෙන් පිටව ගොස් ඇති බවට වුණා.

පසුව ඔහුගේ නීතිඥවරයා මාර්ගයෙන් කරන ලද දැනුම් දීමකට අනුව සරත් ආබෲ විනිසුරුවරයා අධිකරණයට භාර වී තිබෙනවා.

ඒ අනුව ඔහුගෙන් ඇප බැදුම්කරවලට අත්සන් ලබා ගැනීම සහ ඇගිලි සලකුණු ලබා ගැනීම සිදුවූ බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු සදහන් කළේ.

විනිසුරු සරත් ආබෲට එරෙහි නඩුව මැයි මස 23 වන දා සිට අඛණ්ඩව විභාග කිරීම මහාධිකරණ විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන නියෝග කළා.  

මේ අතර, නීතිපතිවරයා විසින් ගොනු කළ මෙම නඩුව නීතිවිරෝධී බව පවසමින් සරත් ආබෲ විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබූ අතර එය ඊයේ ප්‍රතික්ෂේප වුණා.



UPDATE:  Tuesday, 12 January 2016 - 13:17
-------------------------------------------------------
නිවසේ මෙහෙකාර කාන්තාවකට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකරන ලදැයි චෝදනා එල්ල වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අද නියෝග කළා.

ඒ, විනිසුරු සරත් ආබෲ අද පෙරවරුවේ අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදියි.

සැකකාර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇත්තේ.

එමෙන්ම මහාධිකරණ විනිසුරුවරයා මොහුට මෙම සිද්ධියට අදාළ අධි චෝදනා භාර දී තිබෙනවා.

ඇප ලබාදීම සඳහා ඇපකරුවන් අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ඇපකරුවන් පැමිණෙන තුරු මෙම නඩුව කල් දැමූ බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත්, පසුව ඇපකරුවන් අධිකරණයට පැමිණ තිබෙනවා.


UPDATE:  Tuesday, 12 January 2016 - 10:21
-------------------------------------------------------

තමාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවකට පෙනී සිටීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ අද පෙරවරුවේ අධිකරණයට පැමිණියා.

කාන්තාවක් ලිංගික අපයෝජනයට සහ හිංසනයට ලක් කිරීමේ චෝදනා යටතේ මොහුට විරුද්ධව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

ඒ, සිය නිවසේ මෙහෙකාරියට අඩන්තේට්ටම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විනිසුරුවරයාට විරුද්ධව ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් පසුවයි.

මෙම නඩුව විභාග කිරීම වළක්වන ලෙස ඉල්ලමින් විනිසුරු සරත් ආබෲ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබූ අතර එය අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා.