සහකාර විදුහල්පතිට පහරදුන් සිසුවාට වැඩ වරදී

Tuesday, 12 January 2016 - 15:40

%E0%B7%83%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
ගාල්ල ලබුදුව ප්‍රදේශයේ පාසැලක සහකාර විදුහල්පතිවරයාට පහරදී තුවාල සිදු කිරීමේ චෝදනා එල්ලවු සිසුවා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවියයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු කල පහරදීමෙන් තුවාල ලැබු සහකාර විදුහල්පතිවරයා මේවන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිසුවාගේ නොමනා හැසිරීම් පිළිබඳ කල අවවාදවලට උරණ වීම හේතුවෙනුයි ඔහු සහකාර විදුහල්පතිවරයාට පහරදී තිබුනේ.

සිසුවා ප්‍රකාශකර තිබුනේ තමාට දිගින් දිගටම සහකාර විදුහල්පතිවරයාගෙන් සිදුවන කරදර හේතුවෙන් මෙලෙස පහරදුන් බවයි.

අක්මීමන පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.