තල්මසුන් 100 ක් තමිල්නාඩු වෙරළට

Tuesday, 12 January 2016 - 16:18

%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+100+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B6%A7
තල්මසුන් 100 කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළට ඊයේ රාත්‍රියේ ගොඩගසා තිබෙනවා.

ටියුටිකොරීන් වෙරළට ගොඩගැසූ මෙම තල්මසුන් නැවත මුහුදට තල්ලූ කිරීමට ධීවරයන් උත්සාහ කර ඇති අතර, එම තල්මසුන් නැවතත් වෙරළටම පැමිණ ඇති බවයි වාර්තාවන්නේ.

තල්මසුන් මේ තරම් විශාල සංඛ්‍යාවක් මෙලෙස තමිල්නාඩු වෙරළට ගොඩගැසූ ප්‍රථම අවස්ථාව මෙය බව ඉන්දීය බලධාරින් ප්‍රකාශ කළා.

ඉන්දියාව විසින් මන්නාරම් බොක්කේ මුහුදු ජීවී රක්ෂිතයක් නම් කර එහි සිටින මෙම තල්මසුන් වෙරළට පැමිණීම පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්.

පසුගිය අගෝස්තු මාසයේදී අඩි 33 ක් දිගැති දැවැන්ත තල්මසෙකුගේ සිරුරක් තමිල්නාඩුවේ නාගපට්ටිනම් වෙරළට ගොඩගසා තිබෙනවා.