හිරිහැරවලට ලක්වූ ශ්‍රී ලාංකිකයන් 80ක් දිවයිනට

Wednesday, 13 January 2016 - 8:58

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
කුවේටයේ රැකියා සඳහා ගොස් විවිධ කරදර හිරිහැරවලට ලක්වූ ශ්‍රී ලාංකිකයන් 80 දෙනෙකු දිවයිනට පැමිණියා.

ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සදහන් කළේ අද උදෑසන 6.45ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 230 දරණ යානයෙන් මොවුන් ශ්‍රී ලංකාවට පැමිණි බවයි.

ගෘහ සේවිකාවන් ලෙස කුවේට් රාජ්‍යයට ගොස් විවිධ තාඩන පීඩනවලට ලක්වූ මෙම පිරිස කුවේට් තානාපති කාර්යාලය හරහායි ශ්‍රී ලංකාවට එවා ඇත්තේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපල නිලධාරීන් විසින් මෙම පිරිසට මුදල් ලබාදී නිවෙස් වෙත යැවීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.