ගර්භණී නම් අර්තාපල් කන්නේ බලාගෙනයි

Wednesday, 13 January 2016 - 13:47

%E0%B6%9C%E0%B6%BB%E0%B7%8A%E0%B6%B7%E0%B6%AB%E0%B7%93+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%BA%E0%B7%92
ගැබිණි සමයේ අර්තාපල් වැඩි වශයෙන් ආහාරයට ගැනීම දියවැඩියාවට හේතුවන බවට සමීක්ෂණයකදී හෙළිකරගෙන තිබෙනවා.

සතියකට දින කිහිපයක් අර්තාපල් ආහාරයට ගැනීම තුලින් ගර්භණී කාන්තාවන්ගේ දියවැඩියා අවධානම ඉහළ යන බවයි සමීක්ෂකයන් පෙන්වාදී ඇත්තේ.

අර්තාපල්වල අඩංගු පිශ්ඨය තුලින් රුධිරයේ සීනි මට්ටම ඉහළ නැංවීම මීට හේතුව බව ඔවුන් ප්‍රකාශ කරනවා.

අමරිකා විද්‍යාඥයන් පිරිසක් මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ ගර්භණී කාන්තාවන් විසිඑක් දහසක් පමණ යොදා ගනිමින්.

කෙසේවෙතත් බ්‍රිතාන්‍ය වෛද්‍ය කණ්ඩායමක් පෙන්වා දෙන්නේ අමරිකානු සමීක්ෂකයන් මෙම තොරතුරු නිවැරදිව ඔප්පු කර පෙන්වා නොමැති බවයි.

ගර්භණී සමයේදී කාන්තාවන්ට වැඩි වශයෙන් පිශ්ඨය සහිත ආහාර / කෙඳි සහිත ආහාර මෙන්ම පළතුරු සහ එළවලු ආහාරයට ගැනීමට සිදුවන බව බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් සඳහන් කරනවා.