ජනපතිට , අගමැතිට යාපනේ විරෝධය

Wednesday, 13 January 2016 - 21:54

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%2C+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7++++%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%9A++%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
තෛයිපොංගල් දිනය වෙනුවෙන් අනිද්දා යාපනයේදී පැවැත්වෙන ප්‍රධාන උත්සවයට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යාපනයට පැමිණීමට විරෝධය දක්වමින් අද (13) යාපනය බස් නැවතුම්පල ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුණා. කළු කොඩි ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන් චෝදනා කළේ වත්මන් රජය යුතුකම් ඉටුකිරීම පසෙක ලා මෙවැනි සැමරුම් සිදුකරන බවයි.

මෙම අවස්ථාවට උතුර පළාත් සභාව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි එම්.කේ. සිවාජිලිංගම් සහ ආනන්දි ශෂිදරන් ඇතුලූ පිරිසක්ද සහභාගිවී සිටියා.