ඇඹිලිපිටිය තරුණයාගේ බිරිඳට තර්ජනය කර පොලිසිය 'අත්සන්' ගත්තලු

Wednesday, 13 January 2016 - 20:58

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7++%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%27%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%27+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%94
ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී පොලිසිය සමග ඇති වූ ගැටුමකින් පසු තරුණයෙකු මියයෑමට අදාළ නඩුව අද (13) ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු හමුවේ විභාගයට ගැනුනා. ගැටුම සිදුවූ පසුගිය 4 වනදා රාත්‍රියේ ඇඹිලිපිටිය පොලීසියේ  දුරකථන ක්‍රියාකරු වශයෙන් කටයුතු කළ නිලධාරියාගේ සහ ගැටුම පැවති ස්ථානයට ගිය ජංගම පොලිස් කණ්ඩායමේ නිලධාරීන් දෙදෙනෙකුගෙන් සාක්ෂි විමසීම අද සිදු  කෙරුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී පොලීසිය වෙනුවෙන් නීතීඥවරයා ලෙස පෙනී සිටියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකරයි.

මේ අතර අද පැවති සාක්ෂි විමසීම සිදුවන අවස්ථාව ආවරණය කිරීමට  ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි මාධ්‍යවේදීන්ට බාධා එල්ලවී තිබෙනවා. එම ස්ථානයේ සිටි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ තමන් සතුව තිබූ සටහන් පොත් අධිකරණ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියා තම භාරයට ගත් බවයි. අනතුරුව සටහන් පොත වෙනුවට කොළයක් පමණක් මාධ්‍යවේදීන් වෙත ලබාදී තිබෙනවා. මේ සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් විමසීමක් කර තිබෙනවා. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් සොයා බලා නැවත එලෙස නොවන ලෙස කටයුතු කිරීමට පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත් මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරිවරිය විසින් පසුව මාධ්‍යවේදීන්ගේ සටහන් පොත් නැවත ඔවුන් වෙත ලබාදුන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඊට අදාළ නඩුව හෙට දිනයේදී කැඳවීමට නියමිතයි.

මේ අතර ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදීම මෙම සිද්ධියට අදාළව අද තවත් නඩුවක් විභාගයට ගැනුනා. ඒ, සාදය පැවති දිනයේදී පොලිස් නිලධාරීන්ට එහි සිටි පිරිස පහරදුන්නේ යැයි කියන සිද්ධියකට අදාළවයි. පොලීසියට පහරදුන් බවට සැකපිට අටදෙනෙකු අත්අඩංගුවට ගැනුනු අතර, ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගෙන්ම සාක්ෂි විමසීම අද සිදු කෙරුණා.

මේ අතර ඇඹිලිපිටිය පොලීසිය සමඟ ඇතිවූ ගැටුමේදී මියගිය තරුණයාගේ සිද්ධියට අදාළව පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණයේ වාර්තාව සම්බන්ධයෙන් හෙට පූර්ණ විමර්ශනයක් සිදුකරන බව පොලිස් කොමිසම් සභාව පවසනවා. එහි ලේකම් ආරියදාස කුරේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ පරීක්ෂණ වාර්තාවේ පිටපත පොලිස්පතිවරයා විසින් අද තමන් වෙත ලබාදීමට නියමිත බවයි.

මේ අතර ඇඹිලිපිටිය පොලීසිය සමඟ ඇතිවූ ගැටුමේදි තම සැමියා ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය පිළිබඳව පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවට මියගිය පුද්ගලයාගේ බිරිඳ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

"රත්නපුර ඩී.අයි.ජී. ඔෆිස් එකටත් ගිහිල්ලා පැමිණිලි කරන්න ගියා.... එතෙන්දි පැමිනිල්ලක් ලියා ගත්තා.... ඒත් මට ඒක කියවන්න දුන්නෙත් නෑ.... අත්සනක් ගත්තා.... එතන මට තර්ජනයත් කළා.... ගොඩක් වද දුන්නා එයාලා.... ප්‍රශ්න අහලා හරස් ප්‍රශ්න එහෙම අහලා...පොලිසියට විරුද්ධව මේ කරන්න යන දේ බරපතලයි ඔයාට මේවයේ උසාවි ගානේ ලෝයර්ස්ලා ගානේ ගෙනියන්න මේවයේ පිටපත් දෙන්නේ නැහැ....ඕවා ඔයා දැන් ගිහිල්ලා කියන්න යන්න එපයි කිව්වා දැන් අපි මේවා හොයලා බලන්නේ නෑ කියලා.... ඒක හින්දා මං දැන් ලිඛිතව පැමිණිල්ලක් ගහගත්තේ ඇඹිලිපිටිය පොලිසියටත් පොලිස්පතිතුමාට ඉදිරිපත් කරන්න මං ලිඛිතව පැමිණිල්ලක් හදාගත්තා....."