" ටයර් පුච්චන්න...පාරට බහින්න ... කඩසාප්පු වහන්න..."

Thursday, 14 January 2016 - 7:37

%22+%E0%B6%A7%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1...%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+...+%E0%B6%9A%E0%B6%A9%E0%B7%83%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1...%22
නව රජය යටතේද පසුගිය කාලයේ පැවති ඥාති සංග්‍රහයේ සහ දූෂණයේ වෙනසක් සිදුව නැති බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. ඔහු මේ අදහස් පළකළේ ඊයේ කොළඹ කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

"අද පොලිස් රාජ්‍යයක් බිහිවෙලා... දැන් බලන්න ඇඹිලිපිටිය සිද්ධිය... ඒ සාදයක්.... පොලීසිය මැදිහත් වුණා... අවසානයේ මරණයක් සිදුවුණා.. පොලිස් ප්‍රකාශක එකවරම උත්සාහ දැරුවේ මේක යටගහන්න... දැවැන්ත උද්ඝෝෂණයකට පස්සේ තමයි පොලිස් ස්ථානාධිපති ඇතුළු 21 දෙනෙක් මාරු කළේ... යථාර්ථය තමයි මූලික අයිතිවාසිකම් භුක්ති විදීම සදහා ටයර් පුච්චන්න ඕනේ...පාරට බහින්න ඕනේ... කඩසාප්පු වහන්න ඕනේ...."

"....අතීතයේ යම් කිසි වරදක් සිදුවුණා කියල උපකල්පනය කරමුකෝ...  ඉතිං එකතොට ඒ වැරදියි කියල හිතනා දේවල්.... දැන් මොකද වෙනස සිදුවෙලා තියෙනවද ? ඥාති සංග්‍රහයේ වෙනසක් තිබෙනවද ? දූෂණයේ වෙනසක් තියෙනවද ?"

මෙහිදී මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනගෙන් විමසා සිටියේ හිටපු ජනාධිපතිවරයා සමග වෙනත් පක්ෂයකින් ඉදිරිපත් වන්නේද යන්න පිළිබදවයි.

'අපි ප්‍රකාශ කළා ඒකාබද්ධ විපක්ෂය ලෙස යූ.ඇන්.පී. විරෝධී සැබෑ බල කදවුර අපයි....මොකද අපි යූ.එන්.පී. ආණ්ඩුවෙ නෙවෙයි.... ඉතිං ඒ ගමන අපි ඉදිරියට ගෙන යනවා.... මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඉදගෙන ඉන්නේ ඒකාබද්ද විපක්ෂය පැත්තේ..."