'රටේ නීතියේ තත්වය මෙන්න' - මහාචාර්ය සරත් විජේසූරිය පැහැදිලි කරයි

Thursday, 14 January 2016 - 11:44

%27%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%27++-+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ජනතා විමුක්ති පෙරමුණ නොමේරූ පක්ෂයක් බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ‘‘හුදකලාව’’ නම් ඔහු විසින් රචිත කෘතිය එළිදැක්වීමේ උත්සවයට ඊයේ (13) පස්වරුවේ කොළඹදී එක්වෙමින්. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර රටට ඔරොත්තු නොදෙන විනාශයක් සිදුකළ බවයි.

මහාචාර්ය සරත් විජේසුරිය විසින් රචිත හුදකලාව නැමැති ග්‍රන්ථය කොළඹ පදනම් ආයතනයේදී එළිදැක්වීමේ උත්සවයට   හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,  හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක  ද එක්ව සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය සරත් විජේසූරිය, අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් සම්බන්ධයෙන්ද අදහස් දක්වා සිටියා.

සෝභිත හිමියන් මැතිවරණයෙන් පසුව තමන්ට දුරකථනයෙන් අමතා හමුවන ලෙස ඉල්ලීමක් කළ බවත් පසුව උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ දැන් සියල්ලන්ට තමන්ගෙන් වැඩක් නොවන බවයි.

කිහිප අවස්ථාවකදීම උන්වහන්සේ ජනාධීපතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවද එය ව්‍යර්ථ වූ බවද තමන්ට ප්‍රකාශකළ බවයි මහාචාර්ය සරත් විජේසූරිය සඳහන් කළේ.

අවස්ථාවාදීන්ගේ ක්‍රියා හේතුවෙන් ආණ්ඩුව කෙරෙහි පැවැති ජනතා ප්‍රසාදය පිරිහෙමින් පවතින බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය වැඩිදුරත් පෙන්වා දෙයි.