'පොල් ඇමති' ලෙඩවෙයි - කොමිසම අදයි

Thursday, 14 January 2016 - 13:25

%27%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%27+%E0%B6%BD%E0%B7%99%E0%B6%A9%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
හිටපු පොල් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අද (14) බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණත් ඔහු ඊට සහභාගි නොවන බව දැනුම්දී තිබෙනවා. තමන් රෝගී තත්ත්වයකින් පසුවන බැවින් අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බවටයි හිටපු අමාත්‍යවරයා කොමිසම දැනුවත් කර ඇත්තේ.

මොහුට මෙම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත්තේ පොළොන්නරුව - වැලිකන්ද මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට අයත් ඉඩමක් එළිකර පොල් වගාකිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමටයි.    

පොල් සංවර්ධන මණ්ඩලයේ ශ්‍රමය සහ යන්ත්‍රෝපකරණ භාවිතා කර අක්කර 50 ක පමණ භූමියක් පොල් වගාකර පසුව ඔහුගේ බිරිඳගේ නමින් දීර්ඝ කාලීන බද්දකට ලබාදී ඇති බව මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයේදී අනාවරණ වී ඇති බවයි එම කොමිසමේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.