ජාකර්තා පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන්ට හානි සිදුවූ බවට වාර්තා නැහැ

Thursday, 14 January 2016 - 13:52

%E0%B6%A2%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ඉන්දුනීසියාවේ - ජකර්තා අගනුවර අද උදෑසන සිදුවූ පිපිරීම්වලින් සහ වෙඩි තැබීම්වලින් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ට හානි සිදුවූ බවට වාර්තා ලැබී නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති දර්ශන පෙරේරා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ පිපිරීම සිදුවූ ප්‍රදේශයට අවට ශ්‍රී ලාංකිකයන් 130 දෙනෙකු පමණ වාසය කරන බවයි.

මේ අතර ඉන්දුනීසියාවේ - ජකර්තා අගනුවර පිපිරීම් සහ වෙඩි ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් හතරදෙනෙකු මියගොස් තිබෙනවා.

අගනුවර පිහිටි ජනාධිපති මන්දිරය, ජගත් සංවිධාන කාර්යලයක් සහ සාප්පු සංකීර්ණයක් අසල මෙම පිපිරීම් සිදුව ඇති බවයි බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය ප්‍රකාශ කළේ.

පොලීසිය සහ තුවක්කුකරුවන් පිරිසක් අතර තවදුරටත් වෙඩි හුවමාරු සිදුවෙමින් පවතිනවා.

මෙම ප්‍රහාර මාලාවේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින් භාරගෙන නොමැති අතර, අයි.එස්. ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.

2009 වසරේ මැරියට් සහ රිට්ස් හෝටල් තුළ සිදුවූ බෝම්බ පිපිරීමෙන් පසු ඉන්දුනීසියාවේ සිදුවූ විශාලතම ප්‍රහාරය මෙය වනවා.  

ලොව වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත්වන රාජ්‍යය වන්නේ ඉන්දුනීසියාවයි.