විනය භාර ගුරුවරයාට පහරදුන් පාසල් සිසුවාට ඇප

Thursday, 14 January 2016 - 15:29

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
ගාල්ල - සිරිධම්ම ජාතික පාසලේ විනය භාර ගුරුවරයාට විකට් ඉන්නකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සිසුවා ඇපමත මුදාහැර තිබෙනවා.

ඒ, සැකකාර සිසුවාට ඇප ලබාදෙන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (14) ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලූපුලී ලංකාපුර නියෝග කළේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සිසුවා මුදාහරින ලෙසයි.

පසුගිය 11 වනදා උදෑසන පාසල තුළදී මෙම සිසුවා විකට් ඉන්නකින් පාසලේ විනයභාර ගුරුවරයාට පහරදී තිබූ අතර, එහිදි එම ගුරුවරයා ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණා.

කොණ්ඩය කපාගෙන එන ලෙස අවවාද කිරීම නිසා ඊට උරණ වූ සිසුවා මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වූයේ.