ඉන්දුනීසියා ජනපති ජකර්තා ප්‍රහාරය හෙළා දකී

Thursday, 14 January 2016 - 15:33

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
ඉන්දුනීසියාවේ - ජකර්තා නගරයට එල්ල වූ ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස හෙළා දකින බව එරට ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ නගරයේ නීතිය, සාමය හා ආරක්ෂාව තහවුරු කරන ලෙස ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති බවයි.

ජකර්තා නුවර තම්රින් නමින් හඳුන්වන ප්‍රධාන වීථියකට අද (14) උදෑසන එල්ල වූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී තවත් කිහිප දෙනෙකු බරපතල තත්ත්වයෙන් රෝහල් ගතකර ඇති බව සඳහන්.

මෙම ප්‍රහාර මාලාවේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති අතර, අයි.එස්. ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.