විදෙස් ගිණුම්වලට ගිය ඩොලර් ගැන හෙළි වෙයි

Friday, 15 January 2016 - 7:52

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙරට සිදුවූ යුද්ධය පිළිබද සොයා බලන දේශීය යාන්ත්‍රණය හයිබ්‍රිඩ් අධිකරණයක් හා සම්බන්ධ නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (14) අවධාරණය කළා.

එය මුළුමනින්ම දේශීය යාන්ත්‍රණයක් වන අතර, විදේශීය තාක්ෂණික සහය ලබාගන්නේ අවශ්‍යතා මත බව ද ඔහු අවධාරණය කළා.
                                       
පසුගිය රජයේ ප්‍රධාන පෙලේ සාමාජිකයන් විදේශයන්හි තැන්පත් කළ දැවැන්ත මුදල් සම්භාරය පිළිබදව සොයා බැලීම සදහා ඇමරිකානු මධ්‍යම සංචිතයේ සහාය ලැබී ඇති බවයි කැබිනට් මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් සදහන් කළේ.