දුම්රියේ ගැටීමෙන් හමුදා සෙබළෙකු මරුට

Friday, 15 January 2016 - 11:03

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අලිමංකඩ හමුදා කඳවුරේ සේවය කල යුධ හමුදා සෙබලෙකු දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද පෙරවරුවේ මෙම අනතුර  සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

යාපනය සිට කොළඹ බලා ධාවනය වු උත්තර දේවී දුම්රියේ ගැටීමෙන් මෙම හමුදා සෙබලා මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ආණමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි සෙබලෙක්.

ඔහු දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී අනතුර සිදුව ඇතැයි සඳහන්.

පලෙයි පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශණ මෙහෙයවනවා.