ලොව පුරා අයි එස් ප්‍රහාර ඉහළ යාමේ අවදානමක්

Friday, 15 January 2016 - 13:09

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%BA%E0%B7%92+%E0%B6%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉරාකයේ සහ සිරියාවේ දැඩි පීඩනයකට ලක්ව සිටින අයි.එස් සංවිධානය ලොව පුරා සිය ප්‍රහාර උත්සන්න කළ හැකි බවට ඇමරිකාවේ මැදපෙරදිග හමුදා මෙහෙයුම් භාර ජනරාල් ලොවිඞ් ඔස්ටින් පවසනවා.

තුර්කියේ - ඉස්තාන්බුල් සහ ඉන්දුනීසියාවේ - ජාකර්තා නගරවලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් ඒ බව පැහැදිලි වන්නේ යැයි ඔහු සදහන් කළා.

එය මැදපෙරදිග අයි.එස් ක්‍රියාකාරිකම් දුර්වල වීමක් ලෙසයි ඔහු හැඳින්වූයේ.

අයි.එස් සංවිධානය පසුගිය වසර දෙක තුළ ඉරාකයේ සහ සිරියාවේ විශාල ප්‍රදේශයක බලය පැතිරවීමට සමත් වුණා.

එහෙත්, අයි.එස්. ඉලක්ක වෙත එල්ල කරන ඇමරිකානු සන්ධානයේ සහ රුසියානු ප්‍රහාර දැන් උත්සන්න කර තිබෙනවා.