ආවේගයෙන් කතා කළ විග්නේෂ්වරන්ට අගමැතිගෙන් උත්තර

Friday, 15 January 2016 - 18:39

%E0%B6%86%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB
බලය බෙදා හැරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඔහු මෙම අදහස් පළකළේ ජාතික තෛපොංගල් උත්සවය යාපනය වීරසිංහම් ශාලාවේදී අද අමතමින්.

එම අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, බ්‍රිතාන්‍ය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වෙයාර්, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ අමාත්‍යවරුන් වන ඞී.එම්. ස්වාමිනාදන් මෙන්ම සාගල රත්නායක ද එක්ව සිටියා.

තෛපොංගල් ජාතික උත්සවය අමතමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සඳහන් කළේ මාධ්‍යම රජය උතුර පළාත් සභාවට අඩු සැලකිල්ලක් දක්වන බවයි.

තමන්ට සිංහලෙන් තවමත් ලිපි ලැබෙන බවට ඔහු මෙහිදී චෝදනාවක් සිදුකළා.

උතුරේ හමුදාව ඉවත් කර නොමැති බවට ද ඔහු එහිදී එල්ල කළේ තවත් චෝදනාවක්.   

කෙසේ වෙතත්, පසුව උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ බොහෝදෙනෙකුට ඉවසීම නොමැති බවයි.

සිංහලෙන් ලිපි ලැබෙන බවට උතුරේ මහඇමතිවරයා කළ චෝදනාව ප්‍රතික්ෂේප කළ ඔහු තවත් භාෂා පරිවර්තකයන් 500 දෙනෙකු සේවයේ යොදවන බව සදහන් කළා.

උතුරේ රැදී සිටින්නේ රජයේ හමුදාවන් බව අවධාරණය කළ අගමැතිවරයා අවශ්‍ය ප්‍රමාණයට පමණක් හමුදාව රැදී සිටින බවත් කියාසිටියා.   

මේ අතර, ජාතික තෛපොංගල් දින සැමරුමට එක්වූ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වෙයාර් සදහන් කළේ ශ්‍රී ලංකාව සංවර්ධනයේ සහ සශ්‍රීකත්වය සඳහා නව ගමනක් ආරම්භ කර ඇති බවයි.