දරුවන් දෙදහසක් තවමත් ගෙදර

Saturday, 16 January 2016 - 7:48

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB
පළමු ශ්‍රේණියට ඇතුළත් නොවූ ළමයින් 2000කට වැඩි පිරිසක් තවම නිවෙස්වල සිටින බව ලංකා ගුරු සංගමය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් ජෝශෆ් ස්ටාලින් මේ බව කියා සිටියා.

කෙසේ නමුත් මෙලෙස පාසල් නොමැතිව ළමයින් නිවෙස්වල සිටින බවට එල්ල වන චෝදනා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රතික්ෂේප කළා.

සෑම ළමයෙකුටම ජාතික පාසලක් ලබාදිය නොහැකි නමුත් තමන් සිටින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හොඳම පාසල ලබාදීම තම අරමුණ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේ.