ත්‍රී රෝද රථ රියදුරාට කල කම් පළ දෙයි (ඡායාරූප)

Saturday, 16 January 2016 - 8:13

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හැටන් බටර්ගල ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වු ත්‍රී රෝද රථයක ගැටීමෙන් කුඩා ළමුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

තෛපොංගල් දිනයේ කෝවිලේ පැවති උත්සවයකට සහභාගී වීමට යමින් සිටියදී ඊයේ රාත්‍රී මෙම ළමුන් දෙදෙනා අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

ළමුන් දෙදෙනා අනතුරට ලක්කර ත්‍රී රෝද රථය පළාගොස් ඇති අතර එය එම මාර්ගයේම පෙරළී අනතුරට ලක්ව ඇතැයි සඳහන්.

පසුව ප්‍රදේශවාසීන් එක්වී සැකකාර රියදුරා අල්ලා පොලිසියට භාරදී තිබෙනවා.

අවුරුදු 8 සහ 9 වයස්වල පසුවන තුවාල ලැබු ළමුන් දෙදෙනා සහෝදරයන් බව ද සඳහන්.

හැට්න් දික්ඔය රෝහලට ඇතුලත් කල ඔවුන්ගේ තත්වය බරපතල වීම හේතුවෙන් මහනුවර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

අනතුරට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර ත්‍රී රෝද රථ රියදුරා හැට්න් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.





















ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ