මදුරුවන් මගින් ශරීරගත වන සීකා නමැති වෛරස් රෝගය පැවතීම හේතුවෙන් ලතින් ඇමරිකාවේ සහ කැරිබියානු කලාපයේ රටවල් 14ක සංචාරය කිරීම අවදානම් සහිත බවට ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.
බ්‍රසීලය / කොළොම්බියාව / එල් සැල්වදෝරය / ග්වාතමාලා / හොන්ඩුරාස් / මෙක්සිකෝ / පැරගුවේ සහ වෙනිසුවේලා ඇතුලු රටවල් රැසක් ඊට අයත්.
විශේෂයෙන් ගැබිණි මව්වරුන්ට මෙම කලාපයේ සංචාරය නොකරන ලෙස දන්වා ඇත්තේ රෝගය වැළදුණු මව්වරුන්ට බිහි වන දරුවන්ගේ විකෘතිතා හඳුනා ගැනීම හේතුවෙන්.
එමෙන්ම දරුවන් අපේක්ෂාවෙන් පසුවන කාන්තාවන් ද මෙම රටවල සංචාරයට පෙර සිය වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබාගත යුතු බව අමරිකා බලධාරීන් ප්‍රකාශකර තිබෙනවා.
මැලේරියා සහ ඩෙංගු මෙන් සීකා වෛරසය පැතිර යන අතර මෙතෙක් එය වැලැක්වීමට සාර්ථක එන්නතක් සොයාගෙන නැහැ.