ඇඹිලිපිටිය පොලිසිය ගැන රහස් පොලිසියට පැමිණිල්ලක්

Saturday, 16 January 2016 - 21:04

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී පොලිසිය සමඟ ඇතිවු ගැටුමකදී තරුණයෙකු මියයාමේ සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඉල්ලීමක් කළා. ඒ, මියගිය සුමිත් ප්‍රසන්නගේ වැඩිමහල් සහෝදරයා සහ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි කිහිප දෙනෙකු සමඟ අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයට පැමිණි අවස්ථාවේදීයි. එහිදී ඔවුන් මියගිය තරුණයාගේ බිරිඳ විසින් සිද්ධියට අදාළව සකස් කරන ලද කටඋත්තරය පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබෙනවා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන කියා සිටියේ ඇඹිලිපිටිය පොලිසිය සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බව රහස් පොලිසියට දැන්වූ බවයි.

පසුගිය 04 වනදා ඇතිවු ගැටුමෙන් 29 හැවිරිදි සුමිත් ප්‍රසන්න මියගිය ගිය අතර, සිද්ධියට අදාළව නඩුව විභාගයට ගැනෙන්නේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.