නව ව්‍යවස්ථාව තවදුරටත් සංශෝධනයට ඉඩ

Sunday, 17 January 2016 - 13:12

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9
නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා යෝජනා කර ඇති ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය සම්බන්ධයෙන් සංශෝධන තිබේනම් ඒවා භාර ගැනීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කළා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම පිළිබඳව අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සම්බන්ධයෙන් යෝජනා දැනටමත් ඉදිරිපත් කර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

රටේ ඒකීයභාවය විනාශ කිරීමට අවශ්‍යතාවක් තමන්ට නොමැති බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී ඇතැමුන් අසත්‍ය ප්‍රචාර සිදුකරන බවයි කියා සිටියේ.

ව්‍යවස්ථාව සකස් කිරීමේදී ලොව ප්‍රථම වරට සමාජ ජාලා වෙබ් අඩවි හරහා ද යෝජනා ලබා ගැනීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.