රට නොබෙදන ව්‍යවස්ථාවක් සකසන බව අගමැති කියයි

Sunday, 17 January 2016 - 19:11

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B6%B1+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%9A%E0%B7%83%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී උපරිම අයුරින් සංශෝධන පිළිගැනීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද ප්‍රකාශ කළා.

ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම පිළිබඳව අරලියගහ මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. රටේ ඒකීය භාවය නැතිකිරීමට තමන් කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ.

පැදුරු පාටි දැමූ විසුම්පාය දැන් ජනතා අදහස් සඳහා විවෘත කර ඇති බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී තවදුරටත් සඳහන් කළා.

ව්‍යවස්ථා සංශෝධනය විවිධ කණ්ඩායම්වලට අවශ්‍ය අයුරින් නොව සියලූ පාර්ශවවල අදහස් ලබාගෙන රටට අවශ්‍ය අයුරින් සිදුකරන බවයි අගමැතිවරයා කියා සිටියේ.