පළාත් සභා මන්ත්‍රී සිංගප්පූරුවේදී කළ නොහොඹිනා වැඩේ

Monday, 18 January 2016 - 9:06

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93++%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93++%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B9%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A
සිංගප්පූරුවේ සංචාරයක නිරතවූ මධ්‍යම පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීවරයෙකුට කාන්තාවකට හිරිහැර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වනවා. පසුගියදා මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රී කණ්ඩායමක් මෙම සංචාරයේ නිරතවී ඇති අතර, ස්වයංක්‍රීය පඩිපෙළක ගමන් කරන අතරතුර මෙම මන්ත්‍රීවරයා තරුණියක ස්පර්ශ කර ඇති බව සඳහන්.

පසුව ඒ පිළිබඳව ඇය එරට ආරක්ෂක අංශ දැනුවත් කර ඇති අතර, ඒ අනුව මන්ත්‍රීවරයා ඇතුලූ පිරිස රඳවාගෙන පසුව මුදාහැර ඇත්තේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් අදාළ මන්ත්‍රීවරයා අනෙකුත් මන්ත්‍රීවරුන් සමඟ යළි දිවයිනට පැමිණ නැහැ.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සංචාරයට එක්වූ පළාත් සභා මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ ඔහු තවත් සතියක් සිංගප්පූරුවේ රැඳී සිට යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.