නව ව්‍යවස්ථාවට ජවිපෙ යෝජනා දෙයි

Monday, 18 January 2016 - 13:00

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ සංශෝධන යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පසුගිය 12 වනදා එම යෝජනාවලිය කතානායකවරයා වෙත භාරදුන් බවයි.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව පත් කෙරෙන තේරීම් කාරක සභාවක් මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ යුතු බවට එමඟින් යෝජනා කර ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළා.

පසුගිය 09 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන ව්‍යවස්ථා මණ්ඩලයක් පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ඒකාබද්ධ විපක්ෂයද මේ වනවිට සිය යෝජනා කතානායකවරයා වෙත භාර දී තිබෙනවා.