මාළඹේ වෛද්‍ය සිසුන් පෙත්සම් ඉල්ලා අස්කර ගනී

Monday, 18 January 2016 - 13:35

%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B6%B9%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් 5 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අවසර ලබා දුන්නා.

ඒ මෙම පෙත්සම් චන්ද්‍රා ඒකනායක, ඊවා වනසුන්දර, සිසිර ද ආබෲ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට සායනික පුහුණුව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අධිකරණය හමුවේ එකගතාවය පළ කර පසුව ඊට අදාළ කටයුතු සිදු නොකිරීම තුළින් අධිකරණයට අපහාස කර ඇති බව පවසමිනුයි මෙම පෙත්සම් ගොනුකර තිබුණේ.

 මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට අවිස්සාවේල්ල මූලික රෝහලේ සහ කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සායනික පුහුණුව ලබාදීමට දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශය එකගතාවය පළ කර තිබෙනවා.

මේ නිසා තවදුරටත් මෙම පෙත්සම් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුවයි, අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන්නේ.

මේ අතර, මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට සායනික පුහුණුව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව අලූත්කඬේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද පෙරවරුවේ නිහඩ විරෝධතාවයක නිරත වුණා.