ගංජා ළග තබා ගත් අරණායක ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Monday, 18 January 2016 - 15:25

%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%85%E0%B6%9C+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගංජා ළග තබා ගැනීමේ චෝදනාව මත අරණායක ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රී ස්ටැන්ලි තිලකරත්න සහ තවත් පුද්ගලයෙකු සබරගමුව පළාත් දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මන්ත්‍රීවරයාගේ අරණායක - පැහැණියබද්දර පිහිටි නිවසේ තිබී ගංජා ග්‍රෑම් 500 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අරණායක පොලිසිය සඳහන් කළේ.

මොහු මීට පෙර අවස්ථාවක ද ගංජා ළග තබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටින අයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.