හිටපු ජනපති වෙනුවට ඥාතියෙක් 'නිවාස අඩස්සියට'

Monday, 18 January 2016 - 20:10

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92++%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%27%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%85%E0%B6%A9%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%27
සිරගත කර සිටින මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඩ් ට පිටකොන්දේ ශල්‍යකර්මයක් සඳහා බ්‍රිතාන්‍ය වෙත යාමට ලබාදී තිබූ අවසරය සඳහා නව කොන්දේසියක් පනවා ඇතැයි ඔහුගේ නීතීඥයන් පවසනවා. ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ රජය කියා සිටින්නේ හිටපු ජනපති නෂීඩ් නැවත මාලදිවයිනට පැමිණෙන තුරු ඔහු විසින් නම් කළ ඥාතියෙකු ඇපයක් ලෙස මාලේ නුවර රැඳී සිටිය යුතු බවයි.

හිටපු ජනාධිපති නෂීඩ් ට මාලදිවයිනේ වත්මන් රජය විසින් වසර 13ක සිරදඩුවමක් ලබාදුන්නේ ත්‍රස්තවාදී චෝදනා යටතේයි.

මාලදිවයිනේ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ මොහොමඩ්  නෂීඩ්  ඔහුගේ පාලන කාලය තුළ විිනිසුරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියෝග කළ බවටයි එමඟින් චෝදනා කර තිබුණේ.