යාපනය මිරිසුවිල් ඝාතනයේ සැකකරුවන් තුන්දෙනාම පෝරකයට

Tuesday, 19 January 2016 - 9:49

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA++%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B4%E0%B7%9D%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7
යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කොට ඔහුට අයත් වෑන් රථය පැහැරගෙන යාමේ සිද්ධියට වරදකරුවන් වූ තුන්දෙනෙකුට යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් ඊයේ මරණ දඩුවම නියම කළා.

2006 වසරේ දෙසැම්බර් මස 13 වැනිදා මියගිය පුද්ගලයාට විත්තිකරුවන් විසින් මෝල් ගසකින් පහරදී මෙම ඝාතනය සිදු කර තිබුණා.

මෙම ඝාතනයට වරදකරුවන් වූ තිදෙනාගෙන් පළමු විත්තිකරු ඝාතනය සිදු කර යතුරුපැදියකින් පළා යමින් සිටියදී අත්අඩංගුවට ගත් අතර සෙසු විත්තිකරුවන් කොල්ලකන ලද වෑන් රථයද සමඟ පසුව අත්අඩංගුවට ගත්තා.

එමෙන්ම ඝාතනය සඳහා යොදා ගත් මෝල්ගහ සොයාගනු ලැබුවේ කුඩමීයන් හමුදා කදවුර ආසන්නයේ පිහිටි කුඹුරකට විසි කර තිබියදීයි.

මෙම ඝාතනයේ දෙවන විත්තකරු මේ වනවිට අතුරුදන්ව සිටිනවා.

අධිකරණය හමුවේ පාපොච්චාරණයක් කළ පළමු සහ තෙවැනි විත්තිකරුවන් ප්‍රකාශ කළේ මෙම ඝාතනය දෙවැනි විත්තිකරු විසින් සිදු කළ බවයි.

වාහන ගණුදෙනුවක් සම්බන්ධ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් මෝල් ගසකින් මරණකරුට පහර දුන් බවත් මෙයට වගකිව යුත්තේ දෙවැනි විත්තිකරු පමණක් බවත් ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා මොවුන් තිදෙනාම වරදකරුවන් කළ අතර දෙවැනි විත්තිකරුට වාහන කොල්ලකෑමේ සිද්ධියට පස් වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් සහ රුපියල් 10,000ක දඩයක් ද නියම කළා.

අධිකරණය හමුවේ පෙනී නොසිටි අතුරුදන් වී සිටින දෙවැනි වරදකරුව ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට මහාධිකරණය නියෝග කර තිබෙනවා.

එමෙන්ම මොහු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස කටුනායක ගුවන්තොටුපළ පාලකවරයාට ද නියෝගයක් නිකුත් කෙරුණා.

 


මහ මැතිවරණයේ අවසාන ප්‍රතිපලය අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට පෙර
Tuesday, 04 August 2020 - 11:12

මහ මැතිවරණයේ අවසාන ප්‍රතිපලය අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට පෙර... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 04 August 2020 - 11:07

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

කොරෝනා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්
Tuesday, 04 August 2020 - 10:59

කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නතක් පිළිබඳ බලාපොරොත්තු පළවුවද... Read More